- මිථ්‍යදෘෂ්ටික බහුදේව වාදීන් සමග ජීවිත පුදමින්, ධනය වැය කරමින් හා මුවින් දැනුම්වත් කරමින් තමන්ගේ සියලු හැකියාවන්ට අනුව අරගල කිරීමට උනන්දු කරවීම. සැබැවින්ම අරගලය යනු ජීවිතය පිදීම මත පමණක් සීමාවන්නක් නොවේ.
- අරගල කිරීම සඳහා කර ඇති නියෝගය අනිවාර්යය වගකීමකි. ඇතැම් විට ෆර්ලු අයින් හෙවත් සැමට අතිශය අනිවාර්යය කටයුත්තක් වන අතර ඇතැම් විට ෆර්ලු කිෆායා හෙවත් පිරිසකට පමණක් ප්‍රමාණවත් අනිවාර්යය කටයුත්තක් වේ.
- අරගල කිරීම කරුණු කිහිපයක් සඳහා අල්ලාහ් නියම කර ඇත. පළමුවැන්න: බහුදේවවාදය හා බහුදේවවාදී මිත්‍යාදෘෂ්ටිකයන්ට එරෙහිව අරගල කිරීම. ඊට හේතුව අල්ලාහ් කිසිවිටෙක ෂිර්ක් හෙවත් ඔහුට කරන ආදේශය පිළිගන්නේ නැති බැවිනි. දෙවැන්න: අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ මාර්ගය අවහිර කරන බාධක ඉවත් කිරීම. තුන්වැන්න: අකීදා හෙවත් ප්‍රතිපත්තිය, ඊට පටහැනි විශ්වාසයන්ගෙන් ආරක්ෂා කිරීම. සිව්වැන්න: මුස්ලිම්වරුන්, ඔවුන්ගේ දේශයන්, ඔවුන්ගේ මාන්‍යය හා ඔවුන්ගේ දේපළ ආරක්ෂා කිරීම.