- දුල් හිජ්ජා මාසයේ මුල් දහය තුළ දැහැමි ක්‍රියාවන් සිදු කිරීමේ මහිමය. මෙම දිනවල දික්ර් කරමින් අල්ලාහ්ව මෙනෙහි කිරීම, අල් කුර්ආනය පාරායනය කිරීම, අල්ලාහු අක්බර් යැයි පවසා තක්බීර් පැවසීම, ලා ඉලා ඉල්ලල්ලාහු යැයි තහ්ලීල් පවසා අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම, අල් හම්දු ලිල්ලාහ් යැයි පවසා අල්ලාහ්ට ප්‍රශංසා කිරීම, සලාත් ඉටු කිරීම, දානමාන කටයුතුවල නිරත වීම, උපවාසයේ යෙදීම හා එවන් දැහැමි ක්‍රියාවන් මුස්ලිම්වරයා අධිකව ඉටු කළ යුතු අතර එම අවස්ථාවන් උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගත යුතුය.