- හජ් හා උම්රා හි තල්බියා පැවසීම ආගමානුගත කරන ලද්දකි. එය එහි දී ඉතා වැදගත් සුන්නාවකි. සලාතයේ සංකේතය තක්බීර් පැවසීම මෙන් එය ඒ සඳහා වන විශේෂිත වූ සංකේතයයි.
- ඉබ්නුල් මුනීර් තුමා මෙසේ පවසයි: තල්බියාව ආගමානු ගත කිරීම තුළ උත්තරීතර අල්ලාහ් තම ගැත්තන් හට කර ඇති ගෞරවයට අවධාරණය කරයි. හේතුව ඔවුන් ඔහුගේ නිවෙස වෙත පැමිණෙන දූත කණ්ඩායම වන බැවිනි. සැබැවින්ම ඔවුන් ප්‍රාර්ථනාවන් අයැද සිටිනුයේ උත්තරීතර සර්වබලධාරි ඔහුගෙන් පමණි.
- වඩාත් උතුම් වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ තල්බියාව පිළිපැදීමය. ඊට අමතරව පැවසීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිගෙන ඇති බැවින් එහි වරදක් නැත. ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: එය වඩාත් සාධාරණනීය ක්‍රම වේදයයි. ඒ අනුව, ඉහළ ගණයෙන් පැමිණ ඇති දෑ ඔහු වෙන්කර ගනියි. පැමිණි ඇති ප්‍රකාශ නතර කරමින් යමක් තෝරා ගත් විට හෝ එය නිර්මාණය කළ විට එය ඔහු තුළින් පැමිණෙන්නක් වේ. ඉහළ ගණයේ දෑ සමග එය මිශ්‍ර නොවන තෙක් වෙනමම ප්‍රකාශ කළ දෑ සමග ඒවා බැඳී පවතිනු ඇත. එය තෂහ්හුද් හි ප්‍රාර්ථනා කරන ස්වරූපයට සමාන වන්නේය. සැබැවින්ම එහි දී එතුමාණන් පවසා ඇත්තේ: පසුව ඔහු කැමති ප්‍රාර්ථනාවක්, ප්‍රශංසාවක් තෝරා ගත හැකි බවය. එනම් ඉහළ ගණයේ දෑ පවසා අවසන් කළ පසුවය යන්නයි.
- තල්බියාව උස් හඩින් පවසා සිටීම සතුටු දායකය. මෙය පිරිමින් සතු කාර්යයකි. නමුත් කාන්තාව නම්, එය අර්බුද ඇතිවීමට අවස්ථාවක් විය හැකියි යන බියෙන් ඇගේ හඬ ඇය පහත් කර ගනී.