/ “කවරෙකු කද්ර් රාත්‍රියේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව රාත්‍රී නැමදුම්වල නිරත වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”...

“කවරෙකු කද්ර් රාත්‍රියේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව රාත්‍රී නැමදුම්වල නිරත වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”...

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “කවරෙකු කද්ර් රාත්‍රියේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව රාත්‍රී නැමදුම්වල නිරත වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”
බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත

විවරණය

රමළාන් මාසයේ අවසන් දින දහයේ පවතින කද්ර් රාත්‍රියේ යාඥාවල නිරත වීමේ මහිමය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා සිටියි. කවරෙකු එහි සලාත් ඉටු කිරීම, ප්‍රාර්ථනාවෙහි නිරත වීම, අල් කුර්ආනය කියවීම, දික්ර්හි යෙදීම යනාදී නැමදුම් ඒවා හා ඒවායෙහි මහිමය සම්බන්ධයෙන් පවසා ඇති දෑ ගැන විශ්වාසයෙන් යුතුව, තම ක්‍රියාව තුළින් කිසිදු ප්‍රදර්ශණයක් හෝ මුහුණිච්චාවකින් තොරව උත්තරීතර අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තු වෙමින් වෙහෙසවී ඉටු කරන්නේ ද සැබැවින්ම ඔහු පෙර කළ ඔහුගේ පව්වලට ඔහුට සමාව ලැබෙනු ඇත.

Hadeeth benefits

  1. "ලයිලතුල් කද්ර්" නම් බලගතු රාත්‍රියේ මහිමය හා එහි රාත්‍රී නැමදුම් කිරීම සඳහා උනන්දු කරවීම.
  2. දැහැමි ක්‍රියාවන් අව්‍යාජ චේතනාවන් සමග මිස පිළිගනු නොලබනු ඇත.
  3. අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව: කවරෙකු කද්ර් රාත්‍රියේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව රාත්‍රී නැමදුම්වල නිරත වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.