- ඊද්ලු ෆිත්ර් දින හා ඊදුල් අල්හා දින ඇතුළුව අය්යාමුත් තෂ්රීක් යන දිනයන්හි උපවාසය නිරත වීම තහනම් කර ඇත. අය්යාමුත් තෂ්රීක් යනු හජ් අවුරුදු දිනට පරව පිහිටා ඇති (හජ් මස 11, 12 සහ 13 යන) දින තුන වේ. නමුත් කවරෙකුට කැප කරන සත්වයෙක් එම දින තුනෙහි නොලැබුණේ ද අය්යාමුත් තෂ්රීක් දිනයන් හි උපවාසයේ නිරත වීමට ඔහුට අවසරය ඇත.
- ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: මෙම දිනය විස්තර කිරීමේ ඇති ඵලය නම්, ඒ දෙදින උපවාසයෙන් මිදී සිටීමෙහි හේතු සාධකය පෙන්වා දීම ය. එනම්, එය උපවාසයෙන් වෙන් වන දිනයයි. ඉන් පසු ඇති දිනයන්හි උපවාසය මිදීමෙන් එම උපවායේ සම්පූර්ණභාවය විදහා පාන දිනයයි. අනෙක තම සත්ව කැපය පිළිගන්වමින් කරන නැමදුමෙහි හේතුවයි. ඔහු ඉන් අනුභව කරනු ඇත.
- දේශකයාට වඩාත් උචිත හා සතුටුදායක වනුයේ ඔහුගේ දේශනය තුළ වර්තමානයට ගැළපෙන නීති හා බැඳුනු කරුණු මෙනෙහි කිරීම හා වඩාත් ගැළපෙන දෑ කතා කිරීමය.
- කැප කරන ලද සතුන්ගේ මාංශ අනුභව කිරීම ආගමානුගත කරන ලද්දකි.