- අමතක වීමෙන් අනුභව කළ හා පානය කළ අයකුගේ උපවාසයේ වලංගුභාවය.
- අමතක වීමෙන් අනුභව කළ හා පානය කළ අයකු කෙරෙහි පාපයක් නැත. ඊට හේතුව ඔහු එය තෝරා නොගත් බැවිනි.
- අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි දක්වන මෛත්‍රිය, ඔවුන් වෙත පිරිනමා ඇති සහනය හා ඔවුන්ගෙන් දුෂ්කරතා හා අපහසුතා ඉවත් කිරීම.
- කොන්දේසි තුනක් සම්පූර්ණ වූ විටෙක හැර උපවාසය කඩ කෙරෙන කිසිවක් තුළින් උපවාසකරුගේ උපවාසය අවලංගු වන්නේ නැත. පළමුවැන්න: ඔහු ඒ ගැන දැනුවත් අයකු වීම. ඔහු ඒ ගැන නොදන්නේ නම් උපවාසය අවලංගු වන්නේ නැත. දෙවැන්න: ඒ ගැන මතකයෙන් පසුවීම. ඔහුට අමතක වූයේ නම්, ඔහුගේ උපවාසය වලංගු වන අතර නැවත ඉටු කිරීමේ අවශ්‍යතාවක් ඔහුට නැත. තුන්වැන්න: එය බල කිරීමකින් තොරව තෝරා ගනු ලබන්නක් වීම. ඊට හේතුව උපවාසයෙන් මිදෙන තැනැත්තා උපවාසයෙන් මිදෙනුයේ ඔහුගේ තෝරා ගැනීම මතය.