- උපවාසයේ මහිමය. සැබැවින්ම එය අදාළ තැනැත්තාව මෙලොව ආශාවන්ගෙන් හා මතුලොව අපා ගින්නේ දඬුවමින් ආරක්ෂා කරනු ඇත.
- අසභ්‍ය හා නොමනා කතාවන් අත්හැර දැමීම, මිනිසුනට හිංසා කිරීමෙන් වැළකී සිටීම. ඔවුන් විසින් සිදුකරන නපුරකම්වලදී ඉවසීමෙන් හා ත්‍යාගශීලීව මුහුණ දීම.
- උපවාසයේ නිරත වන්නෙකු හෝ නැමදුම්වල නිරත වන්නෙකු තම නැමදුම පූර්ණවත් කිරීම සම්බන්ධයෙන් හා එය අවසන්වීම සම්බන්ධයෙන් සතුටු වීමෙන්, මතුලොව ඔහුට හිමිවන ප්‍රතිඵල කිසිවක් අඩු නොකරනු ඇත.
- පූර්ණ සතුට වනුයේ, ඉවසිලිවන්තයින් හා උපවාසය රැක්කවුන් කිසිදු ගණනයකින් තොරව පූර්ණව කුසල් ලබන අවස්ථාවේ දී උත්තරීතර අල්ලාහ්ව ඔවුන් හමුවීමයි.
- අවශ්‍යතාවක දී හෝ යහපතක් සිදුවන අවස්ථාවක දී හෝ තම අවනතභාවය ගැන ප්‍රකාශ කර සිටීම මුහුණිච්ඡාවක් නොවේ. මම උපවාසයේ නිරතවන්නෙක්මි යන ප්‍රකාශයෙන් එය තහවුරු වේ.
- උපවාසය පූර්ණවත් ලෙස රකින්නා වනුයේ තම ශරීර අවයව පාපකම්වලින් රැක ගැනීමය. එමෙන්ම බොරුව, අසභ්‍ය ප්‍රකාශ, බොරු සාක්ෂි යනාදියෙන් තම දිව රැක ගැනීමය. එමෙන්ම තම කුස ආහාර පාන ගැනීමෙන් රැක ගැනීමය.
- උපවාසයේ නිරතව සිටිය දී අනවශ්‍ය කෑකෝ ගැසීම්, වාද විවාද කිරීම් තහනම් බව සහතික කිරීම. කෙසේ වෙතත් උපවාසයේ නිරත නොවන අයකුට පවා එය තහනම් කරනු ලැබූවකි.
- මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන දන්වා සිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ "..ඉලාහී" (දිව්‍ය වදන්) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හා අදහස් අල්ලාහ්ගෙන් වූවකි. නමුත් එය කියවීම නැමදුමක් වීම, ඒ සඳහා පිරිසිදුභාවය, අභියෝග කිරීම, ප්‍රාතිහාර්යය වැනි දැයින් අනෙක් ඒවා වෙන් කර හඳුනාගත හැකි අල් කුර්ආනයේ ලක්ෂණ එහි නැත.