- තමන්ට අවශ්‍ය වඩාත් වැදගත් දෑහි පමණක් නිරත විය යුතු අතර එම තත්ත්වයේ තමන්ට අවශය නැති දෑ අත්හැර දැමිය යුතුය. එමෙන්ම සිදු නොවූ දෑ පිළිබඳ ප්‍රශ්ණ කිරීමෙහි නිරත නොවිය යුතු ය.
- ගැටලු සංකීර්ණ කළ හැකි ප්‍රශ්න ඇසීමේ සහ බොහෝ මතභේදවලට තුඩු දෙන සැකයන් සඳහා දොර විවර කිරීම තහනම්ය.
- තහනම් කරන ලද සියලු දෑ අත්හැර දැමීමේ නියෝගය. එය අත්හැරීමේ දුෂ්කරතාවක් නැත. පොදුවේ ඒ ගැන තහනම පිහිටා ඇත්තේ එබැවිනි.
- නියෝග කරන ලද දෑ හැකි පමණින් ඉටු කිරීමේ නියෝගය. හේතුව ඇතැම් විට දුෂ්කර දෑ අනිවාර්යය විය හැක. එසේ නැතහොත් එය කිරීමට ඔහුට අපොහොසත් විය හැක. නියෝගය කෙනෙකුගේ ශක්ති ප්‍රමාණයට අනුව පිහිටා ඇත්තේ එබැවිනි.
- අධික ලෙස ප්‍රශ්න කිරීම තහනම් වේ. ප්‍රශ්ණ ඇසීම කොටස් දෙකකට විද්වතුන් බෙදා දක්වා ඇත. ඒවායින් පළමුවැන්න: තමන්ට අවශ්‍ය ආගමික කටයුතු දැන ගැනීමේ පදනම මත වූවකි. මෙය නියෝග කරනු ලැබූවක් මෙන්ම සහාබාවරුන් විමසා සිටි ප්‍රශ්නවල වර්ගය ද එය විය. දෙවැන්න: අනවශ්‍ය ලෙස යටි අරමුණු පදනම් කරමින් ප්‍රශ්න ඇසීම. වළක්වනු ලැබ ඇත්තේ මෙයයි.
- පෙර විසූ සමූහයන් අතර සිදු වූ අයුරින් මෙම සමූහයා තම නබිවරයාට අකීකරු වීම ගැන අනතුරු ඇඟවීම.
- අනවශ්‍ය ප්‍රශ්න අධික ලෙස විමසීමත්, නබිවරුන් ගැන මතභේද ඇති කර ගැනීමත් විනාශයට හේතුවකි. විශේෂයෙම අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදන්නා ගුප්ත දෑ ගැන හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තත්ත්වයන් පිළිබඳ ප්‍රශ්න මෙන් ඒ වෙත ලඟා වීමට නොහැකි කරුණු වලදී එය පිළිපැදිය යුතු වේ.
- දුෂ්කර කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසීමේ තහනම, අල්අව්සාඊ තුමා මෙසේ පැවසීය: “ඇත්තෙන්ම අල්ලාහ් තම ගැත්තාගේ දැනුමේ සමෘද්ධිය නැති කිරීමට කැමති නම්, ඔහු ඔහුගේ දිවට ගොත ගැසීම් ඇති කරයි. ඔබව ඔවුන් ජනයා අතරින් අඩු දැනුමක් ඇත්තන් ලෙස දකිනු ඇත. ඉබ්නු වහබ් තුමා මෙසේ පවසයි: මාලික් පවසනු මම අසා ඇත්තෙමි: 'දැනුම තුළ කුහකත්වය මිනිසාගේ හදවතින් දැනුමේ ආලෝකය ඉවත් කරයි.'