- සර්වබලධාරී අල්ලාහ් ඔහුගේ පැවත්ම, ඔහුගේ ගුණාංග, ඔහුගේ ක්‍රියාවන් හා ඔහුගේ නීතිය යනාදිය තුළ පරිපූර්ණත්වයෙන් හෙබි ය.
- සර්වබලධාරී අල්ලාහ්ට පමණක් අවංක ලෙසින් ක්‍රියාව පුද කරන මෙන් හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙත අනුගමනය කරන මෙන් වූ නියෝගය.
- ක්‍රියාව දිරිමත් කරන දෑ යොදා ගැනීම. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: දූතවරුන් හට කවර කරුණක් නියෝග කළේ ද එයම දේවත්වය විශ්වාස කළවුන්ට ද අල්ලාහ් නියෝග කළේය. සැබැවින් මෙය දූතවරුන්ට කර ඇති නියෝග බව දේවත්වය විශ්වාස කරන්නා දැනගත් විටෙක ඔහු භක්තිමත් වී එය පිළිපැදීමට දිරිමත් වනු ඇත.
- ප්‍රාර්ථනාව පිළිගැනීමට බාධාවක් වනුයේ තහනම් දෑ අනුභව කිරීමය.
- ප්‍රාර්ථනාව පිළිගනු ලැබීම සඳහා හේතුකාරණා පහක් ඇත. ඒවායින් පළමුවැන්න: දිගු ගමනක නිරත වීම. එහි දුෂ්කරතා හා බිඳ වැටීම් ඇති බැවින් පිළිතුරු ලැබීමට වඩාත් වැදගත් හේතු කරණය එය වන්නේය. දෙවැන්න: බලපෑමට ලක්වීමය. තුන්වැන්න දෑත් අහස දෙසට එසවීමය. සිව්වැන්න: අල්ලාහ්ගේ පාලන බලය ගැන නැවත නැවතත් මෙනෙහි කරමින් ඔහුගෙන් කණ්ණලව් කිරීමය. එය ද ප්‍රාර්ථනාව පිළිගනු ලැබීමට අවශ්‍ය වඩාත් වැදගත් හේතුවකි. පස්වැන්න. පිවිතුරු ආහාර පාන පරිභෝජනය.
- ධාර්මික ක්‍රියාවන් සඳහා සහය සපයන හේතු කාරණාව වනුයේ පිවිතුරු, අනුමත ආහාර පරිභෝජනය කිරීමය.
- අල්-කාළි තුමා මෙසේ පවසයි: අත්-තය්යිබ් හෙවත් පිවිතුරු දෑ යනු අල්-කඃබීස් හෙවත් අපිවිතුරු දෑහි විරුද්ධ පදය වේ. උත්තරීතර අල්ලාහ්ව එම පිවිතුරු දැයින් ගුණ ගායනා කරන විටෙක, සැබැවින්ම ඔහු සියලු අඩුපාඩුවලින් පිවිතුරු කිරීම හා සියලුම ව්‍යසනයන්ගෙන් පිරිසිදු කිරීම අපේක්ෂා කෙරේ. පොදුවේ ගැත්තා එමගින් වර්ණනා කරනු ලැබූ විටෙක, දූෂිත සදාචාරය, පිළිකුල් සහගත ක්‍රියාවන් යනාදි ප්‍රතිවිරුද්ධ දැයින් ඔහු මිදෙයි. එසේ එමගින් මුදල් සම්බන්ධව වර්ණනා කරනු ලැබූ විටෙක, එය ධනයෙන් වඩාත් ශ්‍රේෂ්ඨතම අනුමත දෑ බවට පත් වීම අපේක්ෂා කෙරේ.